Sunday 20 June 2010

end of the latest drama (සීපා නාටකයේ අවසානය)



සති කිහිපයක් තිස්සෙ සාර්තක ලෙස රග දැක්වුනු සීපා නාටකය අවසාන අදියරට පැමින තිබේ

සීපා ගිවිසුම අත්සන් නොකෙරේ

"මාස කිහිපයක් තිස්සේ දෑඩි ආන්දොලනයට හේතු වු සීපා ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරනය කර තිබේ ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර තීරු බදු රහිත වෙලදාම ප්‍රවර්දනය සදහා වර්ශ 2002 සිට සීපා ගිවිසුම අත්සන් කරන ලෙස ඉන්දියාවෙන් විවිද ඉල්ලීම් ඉදිරිපත් විය"
ඉරිදා ලංකාදීප


එයත් කිරිපිටි වැනි අත්යවශ භාන්ඩ මිල වැඩි කරන දිනයටම කරලියට පැමින තිබේ දැන් නැවතත් රජයට බඩු මිල වැඩිවීම වෙනුවෙන් මැතිරීමට මන්ත්‍රයක් ලැබී තිබේ ජේ වි පි වැනි අයට කැගසන්නට දෙයක් ලැබි තිබේ අපේ මුදලාලිලා ටිකට නිදහසේ හුසමක් ගෑනීමට අවස්තාවක් ලැබී තිබේ රජයේ මාද්ය වලට හොද ප්‍රවුර්‍රති ලැබී තිබේ . අපට ???????????

5 ඔබගේ අදහස්:

Taboo Subjects said...

මේ අවසානය සිතා ගැනීමට අපහසු එකක් නොවීය. මම ජූනි 12 දා මෙසේ ලිවීමි.

________________________

නමුත් මේ තරම් දුරකටවත් අප මේ ගැන කතා කළ යුතු නොවේ. මන්ද අපට මුලින් පෙනන තරමට ප්‍රායෝගික වටිනාකමක් මෙම ගිවිසුමේ නැති නිසාය. තම ශ්‍රමිකයින් ඉන්දියාවට පටවන්නට ලංකාවට වත් අනෙක් අතට ලංකාවට පටවන්නට ඉන්දියාවටවත් විශේෂ උවමනාවක් නැත. මේ දෙරට අතර ශ්‍රමික හුවමාරුව අවමය. ලාංකික කම්කරුවන් සිහින දකින්නේ කොරියාවට, ඉතාලියට, ජපානයට බැරි නම් මැදපෙරදිග රටකට වත් පැන ගන්නටය. ඉන්දියානු ඉංජිනේරුවන්ට අවශ්‍ය ලංකාවට එන්නට නොව ඇමෙරිකාවට පැණ ගන්නටය. මේ නිසා මේ ගිවිසුම ඇති කර ගත්තද, නැතද, සුළු පිරිසකට මිස පොදුවේ දෙරට ජනතාවට ඉන් වන වැඩක් හෝ අවැඩක් නොවේ.

ඔන්න අප කොරියාව හෝ ඉතාලිය සමඟ මෙයාකාරයේ සේවා සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගන්නේ නම් එය කතා කිරීමට වැදගත් මාතෘකාවක් වනු ඇත. එහිදී ජවිපෙ මීට ඉඳුරා වෙනස් ස්ථාවරයක් ගනු ඇති බවද කිසිම සැකයක් නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂද මේ බැව් නොදන්නවා නොවිය හැකිය. ඔහු CEPA ගිවිසුම හෝද හෝදා මඩේ දමමින් සිටින්නේ එනිසාය. එසේම ඊට සමාන්තරව මෙය ඉන්දියාව මඟින් අප මත පටවන්නට වලිකන ගිවිසුමක් බවටද වැරදි චිත්‍රයක් මාධ්‍ය මඟින් නිර්මාණය කෙරෙන්නේද එනිසාය. (පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ මෙම ගිවිසුම ඉන්දියාවට මුලින්ම ඉදිරිපත්කරන ලද්දේ ලංකාව විසිනි. අනෙක් අතට නොවේ.) මේ සියල්ලෙන් රාජපක්ෂ බලාපොරොත්තු වන අවසාන ඉලක්කය CEPA ගිවිසුම අස්සන් නොකිරීම මඟින් තමන් මහජනතාවට කන් දුන් බවත්, ඉන්දියාව ඉදිරියේ දණ නොනැමූ බවත් ප්‍රදර්ශනය කිරීමත් විය හැකිය. මේ ඔහුගේ ජනප්‍රියතාවය රැක ගැනීමේ ගැට හැට හතරින් එකකි.

ඔවුන්ගේම ගොන් කමට ජෙප්පන් අසුවී ඇත්තේ රාජපක්ෂගේ මේ උගුලටය. (මේ ඔවුන් සට කපට මහරජාණන්ගේ උගුලකට අසුවූ මුල් වතාව නොවේ. අවසාන වතාවද නොවිය හැකිය.) තමන්ගේමය කියා සිතාගෙන ඔවුන් කියවන දෙබස් රාජපක්ෂගේ තිරනාටකයේ ඒවා මිස තමන්ගේ නොවන බැව් ජෙප්පන් අවබෝධකරගන්නා විට කෝච්චිය බොහෝ දුර ගොස් තිබෙන්නට පිළිවන.

http://taboosubjects.wordpress.com/2010/06/12/155

deenwin said...

බොහොම ස්තුතියි taboo
මම ඔබේ ලිපි නිතිපතා email වලින් කියවන්නෙක්මි ඔබගේ ලිපියෙන් පසු මා බලසිටියේ කවර මොහොතේ මෙහි අවසන් ජවනිකාව රගදැක්වේද යන්නයි

දුකා said...

ayiyooo . . aparaade . . tawa tika kalak tiyenan tibbaa . . .

deenwin said...

eka thama dan wena ekak karay balan indako

Hasitha Gunasinghe said...

මටත් සීපා ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියන නිව්ස් එක දැන ගන්න ලැබුණු ගමන් මතක් වුනේ ටැබූගේ පොස්ට් එකකින් ඒක ගැන කල්තියා කියලා තිබ්බ එක :)

Post a Comment