Tuesday 2 March 2010

සමන් දෙවියොත් බලය විමද්ය ගත කරලා/ God saman has devided the power


මෙ කියන්ඩ යන්නෙ සිරිපාදෙ පහල නල්ල තන්නියෙ ඉන්න චීවර දාරියො ටිකක් ගෑන
සිරිපා සමයට එන බෑතිමතුන්ගෙ පොකට් එක ඉලක්කකරල නල්ලතන්නියෙ සිරිපා පාමුල තියනව පන්සල් වගෙ කඩකාමර කෑලි
මෙවල ඉන්නව සිවුර දාගත්ත කට්ටියක් හමුඩුරුවරු වගෙ ඉන්නෙ හෑබෑයි හාමුදුරුවරුද සුවර් නෑ රනිල්ගෙ බාශාවෙන් කියනවනන් වයිතුල්යවාදීන් . සිරිප යන හමොම ඉතින් මෙවට යනවනෙ දෑන් මෙවට ගියම මොනවදො ඈහෙන නෑහෙන ගනට කියල අතෙ මොකක් හරි නුලක් බදිනවා දෑන් මේවා අහල නෙමෙ බදින්නෙ හරිද බෑදල ඉවරට ගාන රු 50 රු 20 ඔහොම.
අපි දෑන් ඔකට කිව්ව එහෙනන් නූල ගලවල ගන්න කියලා එතකොට කියනව
"හිතුවක්කර වෙන්ඩ එප ලමයි සමන් දෙවියන්ගෙ අරක්ශාව ඔකෙ තියෙන්නෙ කිසිම විපතක් වෙන්නෙ නෙ කියල"
දෑන් මෙ චීවරදාරියට අනුව සමන් දෙවියො මෙයට එයගෙ බලයෙන් එයගෙ අඩවිය වන්දන කරන්ඩ එන අය අරක්ශා කරන බලය දීලා බලන්ඩකො සමන් දෙවියොත් බලය බෙදනවා
අනික එ චීවර දාරිය කියන විඩිහට නූල නෑත්තන් අරක්ශාව නෑ . ඒ කියන්නෙ සමන් දෙවියො තමන්ගෙ අඩවියට එන බෑතිමතුන් ආරක්ශා කරන්ඩ සල්ලි ගන්නවද???
තව කේස් එකක් තමා අරඉදිකටු නුල් කේස් එක එතන නූලක් ගහුවෙ නෑත්තන් හොද නෑ අරක්ශව නෑ හෙන කෙලියය් ඔතනත් ඉන්නව නූල් බිස්නස් කරයෙක් ඉදිකටුවයි නූලයි 20 කඩ කොහෙඩො උට 100+% ලාබයි
දෑන් මු කටවත් ඔය නූල ගහන්නෙ නෑතුව යන්ඩ දෙන්නෙ නෑ කියන්නෙ නිකන් එක ගෑහුවෙ නෑත්තන් මරෙන සීන් එකට හෙබේ මම දන්න අය ඉන්නව ඔය නූල ගහන්නෙ නෑතුව ඔන තරන් සිරිපාදෙ 5 ස් 6 වතවල් ගියපපු අය මමත් දෙපරක් ගිය නූල් බන්දෙත් නෙ ඉදිකටු ග්හෙහුවෙත් නෙ මුකුත් උනෙත් නෑ. ඔයාල කවුරුහරි සිරිපාදෙ යනවනන් මෙ හොරුන්ට අහුවෙන්ඩ එපා

18 ඔබගේ අදහස්:

Anuradha Ratnaweera said...

අවුරුදු පහ හයකට කලින් මාත් ඕක ඔය විදියට ම දැක්කා.

හාමුදුරුවො බඳින්න ගියේ පිරිත් නූලක් නෙවෙයි, අර friendship band එකක් වගේ පාට පාට කැටයම් තියන එකක්. නිකං නෙවෙයි, රුපියල් විස්සකට.

කට තියං ඉන්ට බැරි නිසා මාත් අහපි "ඇයි හාමුදුරුවනේ පිරිත් නූලක් බඳින්නෙ නැත්තෙ, නූල් බඳින්න මේ රටේ හාමුදුරුවරු සල්ලි ගත්තෙ කවද්ද? අනික බුදු හාමුදුරුවොත් කියල තියෙන්නෙ ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී කියලනෙ, ඉතිං ධර්මයේ හැසිරෙනවට වඩා වෙන මොන ආරස්සාවක් ද", හරියට ම කියපු වචන ටික මතක නෑ, ඔය වගේ කතා ටිකක් තමයි කියුවෙ. ටිකක් සද්දෙන්, හැබැයි සිවුරට බොහොම ගරු සුරු ඇතිව. හැබැයි හාමුදුරුවොත් වාදෙට ආවෙ නෑ.

ඒ වෙලාවෙ අම්මා ඇතුළු වැඩිහිටියන් හිටපු නිසා කලබල ඇති කරල ඒ අයගේ ගමන් සතුට නැති කරන්න හොඳ නැති නිසා, මාත්, අපේ ලොකු අම්මගෙ පුතා අසංග අයියාත් කතා කර ගත්ත පස්සෙ දවසක වීඩියෝ කැමරාවක් අරං ඇවිත් මේ ගැන විස්තරයක් එලියට දාමු කියල.

එදා ගමන නිසා ඇතිවුනු කළ කිරීම නිසා එදත් එදයි තාම සමණොළ අඩවිය පැත්තෙ පය ගැහුවෙ නෑ. ඒත් මේ ලියුම කියවනකොට මේ වගේ දේවල් ගැන හොයල බලන්න ම ආයෙ ගියොත් හොඳයි කියල හිතෙනව.

මේ ගැන හොයල බලන එක අපේ නායක හාමුදුරුවරුන්ගේ වගකීමක් නේ ද? සාසනයට වින කරන, සාසනේ ඇතුලෙ ම, මහ නායක හාමුදුරුවරුන්ගේ නායකත්වය යටතේ ම, ඉන්න අයගෙ මේ වගෙ වැඩ ගැනත් තමයි සඟ සමුළු තියන්න ඕනෙ.

Anuradha Ratnaweera said...

ඔන්න තව කතාවක් මතක් වුනා.

දවසක් කළුතර බෝධිය ලඟ ඉන්නකොට ටිකක් වයසක "හාමුදුරු නමක්" හෙමීට අප ලඟට කිට්ටු කරල ආදාරයක් ඉල්ලුව.

මං ඇහුව "ඒ මොකටද හාමුදුරුවනේ" කියල. හාමුදුරුවෝ කියනව එතැන පොත් හලෙන් පොතක් ගන්නලු, බෝධි පූජා ගාතා පොතක් මයෙ හිතේ.

ඒ පාර මං ඇහුව "ඔබ වහන්සේ උපසම්පදා වෙලා ද" කියල. හාමුදුරුවො "ඔවු" කියල කියුව.

ඒක තමයි මටත් කියව ගන්න ඕනෙ උනේ. ඊට පස්සෙ හාමුදුරුවන්ට "අළුයම පිබිද, මළු පෙත් හැමද..." කියල සාමණේර වත ටිකක් මතක් කරල, "ඔබ වහන්සේ සාමණේර කාලෙ ඔය ගාතා කට පාඩං කළේ නැද්ද, එහෙම හරියට සාමණේර කම් කළේ නැත්නම් උපසම්පදා වෙන්න බෑ නේ ද" කියල ඇහැවුව.

ඔන්න හාමුදුරුවො කතාව වෙනස් කරල කියන්න ගත්ත උන්නාන්සෙගෙ පන්සල දාල එන්න උනා, අතේ තිබුනු රුපියල් විසි පන් දාහක් නැති වුනා කියල දිග කතාවක්.

මං ඇහුව, "හාමුදුරුවනේ ඔබ වහන්සේලාට වීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච වලින් මිසක් මුදලින් සලකන්න අප ඉගෙන ගෙන නෑ" කියල. ඊට පස්සෙ හාමුදුරුවො නිහඩව ම හිනා වෙලා යන්න ගියා.

Sam said...

දේව වන්දානාවේ යනවානම්, ඒ වැඩ කොරන්න ඕනෑ. අර උදවිය "හාමුදුරුවන්යැයී" කියා ගැනීම වැරදි උනත්, මුදල් ගැනීමවත්, ඉදිකටු නූල් ගැහීමත් වැරදි නැහැ. සමන් දෙවියෝ, මුදල් විතරක් නොවෙයී, අනෙකුත් සියලූම දෙවියන් වාගේම බොහෝමයක් දේවල් ගන්නවා. දුන්නෙ නැත්තම්, බලෙන් ගන්නවා. සමන් දෙවියන් හමුවෙන්න සිරීපාදෙට නගින ගමන්, නූල් ගැහීම බොරුවක් යැයී කීම, හරිම විහිලු කතාවක්.

Anuradha Ratnaweera..
මම හිතන්නේ ඉල්ලන පුද්ගලයාට ටිකක් හරි දීමේ වැරද්දක් නැතැයී කියලායී.

Anuradha Ratnaweera said...

@Sam

අපොයි ඔවු, දේව වන්දනාවේ යන අය ඒ වැඩේ කරන එක ගැන මාත් කිසි වැරැද්දක් දකින්නෙ නෑ. "ශ්‍රීමත් සුමන සුරේන්‍ද්‍ර දේව ප්‍රවරේ කූර්වන්තුතේ මංගලම්" කියල සමන් දෙයි හාමුදුරුවංගෙ පිහිටෙන් හොඳක් ම වේවා.

ඉල්ලන මිනිහට ටිකක් හරි දෙන එකේ වැරැද්දක් නෑ තමයි. ඒත් එහෙම සල්ලි ඉල්ලන්න ඕනෙ නං - පිණ්ඩපාතෙ නො වේ - පාරෙ හිඟා කනව මිසක් "සියල්ල අත හැරල බොහෝ ජනයාගේ හිත සුව පිණිස හැසිරෙනව" කියල උපසම්පදා සිල් රකින්න තනන්නෙ අහවල් එකකට ද?

ABC said...

A lot of these people aren't real ordained monks.

Sam said...

ඇත්ත. දවසක් අකාල වෙලාවක කොන්ඩෙ වවාගත්තු හාමුදුරු කෙනෙක් ආවා මයි ගෙදර පින්ඩපාතෙ. ඒ දවස්වල මම තනියෙන් තමයී උන්නේ.ගෙදර තිබුන මැගී කැට පැකට් එක දුන්නා දානෙට. හැබැයී ටික දවසකට පස්සෙ, මහ රෑ නාල සාලෙට එනකොට, ඉස්සරහ කාමරේ හොර තඩියෙක්. ලිංගික පද්දතියෙ අවයව ලයීස්තුව හයීයෙන් කීවහම ඌ දෙවෙනි තට්ටුවෙන් බිමට පැනලා දිව්වා. මම හිතන්නේ මුලින් ආවෙත් හොරගෙඩියෙක් සිවුරක් දාගෙන පින්ඩපාතෙ, ඔත්තු බලන්න. හුගක් දෙනෙක් හාමුදුරුවරුම නොවෙයී. හැදුනුම්පත ඉල්ලලා බලන්න යැයී කියලා සෝම හාමුදුරුවෝ කීවානේ.

හැබැයී හැබෑ හාමුදුරු කෙනෙක් සල්ලි ඉල්ලනවානම්, අපි නොදිය යුතුද? සමහර පලාත්වල පොඩි හාමුදුරුවරු පිරිවෙන් යවන්න ඕනේ. බෝලයක් පිත්තක් අරන් දෙන්න ඕනි. දානෙට කොපි පොත් හම්මු වෙන්නේ නැහැනේ. හැබැයී කුල දරුවො මහන කොරන්නෙ නම් සිය ගනනෙන්.

Anonymous said...

ගුරුන් හිටගෙන කරන කොට ගෝලයො දුව දුව කරනව කියන්නෙ ඕකනෙ.

මහනායකලට මහජන මුදලෙන් දෙන කාර් ගන්න කැප නං, මේධාට රේගුවට වංචා කරල බෙන්ස් ගේන්න කැප නං, අතුරලියේ රතනයට මාළිගා ගහන්න කැපනං, උඩුවෙ ධම්මලෝකයට කම් සැප විඳින්න කැපනං මේ පොඩිවුන් ටිකක් රුපිය පනහේ විස්සෙ බිස්නස් එකක් කර ගත්තාම මොකෝ? මොකද මුන්ට ජාතික හෙළ උරුමයෙන් කන්ඩ බොන්ඩ දෙනවයැ?

තරිඳු said...

හාමුදුරුවන්ට සල්ලි ඉල්ලන්න තහනම් කියල පොත් පත් වල තියෙන පාලි සගිස්කුරුත ඔක්කොම වමනේ කර කර වහසි බස් දොඩන එක නවීන උපාසකලාගේ හැටිනෙ. හාමුදුරුවෝ ඉන්න ඕනෙ කොහොමද, කරන්න, නොකරන්න ඕනෙ මොකද්ද කියල කියන්නනම් කට්ටිය ඕනතරම්. ලෙඩක් දුකක් හදුනම, දානෙ ටික වැරදුනාම බලන්න එකෙක්වත් නෑ. හාමුදුරුවන්ට සිල් රක්කවල නිවන් යවන්න කලින් තොපි පන්සිල් රැකල හිටපල්ලකො. පිරිත් නූල් බැඳල සල්ලි ගන්න එක වැරදිනම් නොබැඳ හිටපල්ලකො. බණ කියන්න සල්ලි ගන්නවනම් ආරාධනා කොකර හිටපල්ලකො.

කොලඹින් ඈත පලාත් වල පොඩි හාමුදුරුවන්ව පිරිවෙන් යවන්න, පොත පත ගන්න වෙන්නෙ හිඟාකාල තමා. අර ටැබූ කිව්ව වගේ හෙල උරුමෙන් කන්න දෙන්නෙ නෑනෙ. එහෙම නැත්නම් මේ වහසි බස් දොඩන උපාසකල එහෙම හොයල බලනවද ?

Anuradha Ratnaweera said...

කොලඹින් ඈත, ඒ කියන්නෙ කොත්මලේ, ජීවත් වෙන අපේ පන්සල් වල නං ඔය කියන විදියෙ පොත් පත් අහේනියක් ඇත්තෙත් නෑ, හාමුදුරුවරු සල්ලි හිඟමනේ යන්නෙත් නෑ.

පූඬලුඔය පන්සලේ හිටපු "ලෙඩ හාමුදුරුවෝ" නැති වෙනකම් ම දායකයන් උන්නාන්සෙට උවටැන් කළා.

ලඟදි දවසක ඉස්කෝලෙ යන්න ඉන්න ලමයෙක් ව කොත්මලේ නියංගන්දර පුරාණ විහාරයේ ලංකානන්ද හාමුදුරුවො ලඟට එක්ක ආව. උන්නාන්සේ ඒ ලමයට පොත් පෑන් ටිකක් තෑගි දුන්න. පිරිත් නූලකුත් බැන්ද.

ඒ පොත් සල්ලි වලට ගත්ත ඒව නෙවෙයි. පිරිවෙන් යන පොඩි උන්නාන්සේල ඉන්න පන්සලකට දානෙ දෙනකොට පොත් පෑන් ටිකක් පිරිකර වලට එකතු කරන්න අපේ ගමේ මිනිසුන් නං අමතක කරන්නෑ. නැතුව මේ පන්සල් වලටත් හෙළ උරුමෙන් ඒව දෙන නිසා නො වෙයි.

පන්සලේ අඩු පාඩු තියනවනං ඒව දායක සබාවෙ අය එකතු වෙලා විසඳ ගන්නව මිසක් ගමේ හාමුදුරුවො හිඟමනේ යවන එක අපට නං මහ මදි කමක්. සමහර විට කොලඹ පැත්තෙ ඇත්තන්ට නං ඉතිං ඒව පුරුදු ඇති. අනේ මන්ද.

තරිඳු said...

අනේ සාදු.... ලංකාවෙ ඔක්කොම දුප්පත් පලාත් වල පන්සල් වල හාමුදුරුවන්ට කොත්මලේට වඩින්න කියල ආරාධනා කරන්න ඕනෙ.

එහෙම නැත්නම් කොත්මලේ මෙහෙම නිසා ලන්කාවෙ හමතැනම ඒ වගේ කියල හිතුනද දන්නෙ නෑ. වරදක් කියන්නත් බෑ ඉතින්. එක එක්කෙනා දැකල තියෙන අහල තියෙන තරමටනේ කියන්නෙ.

Anuradha Ratnaweera said...

එහෙම වඩිනවනං ඒකත් හොඳයි, එතකොට කවදාවත් කොත්මලෙන් පිටතට පය ගහල නැති අප වගේ ගොඩයන්ටත් රටේ ලෝකෙ අනිත් පැති වල තොරතුරු දැන ගෙන, පිරූ තැන් කොහොම වුනත්, ඇසූ තැන් වත් වැඩි කරගන්න පුලුවං වෙයි. ;-)

Anonymous said...

@ තරිඳු : හාමුදුරුවො පාලි,සංස්කෘත දන් නැත්නම් ගිහියන්ට තමයි කියල දෙන්න වෙන්නෙ.අනික අපේ පලාත් වල නම් ඔය වගේ දේවල් නැහැ.

රන්දික said...

සිරිපාදේ යනකොට රත්නපුර,හැටන් පාරවල් වල ඔන තරම් ඔය වගේ ජාවාරම් කරන චීවරධාරීන් ඉන්නවා.නුල් කැලි,පින්තුර කොල හිතු හිතු ගනන් වලට විකුනනවා.මේවා නවත්තන්න බලධාරීන් මැදිහත් උනොත් හොදයි....

deenwin said...

හ්ම්ම් කොමෙන්ට් කරපු ඔක්කොටම බොහොම ස්තුතියි n taboo ඔබටත් ඔයගෙ බ්ලොග් එක කියවල තම මාත් බ්ලොග් එකක් ලියන්ඩ හිතුවෙ ස්සහ ඔයගෙ බ්ලොග් එකෙන් තම මම sbu එක ගන දෑනගත්තෙත් කොහොමහරි ඔව් මසල්ලි ගත්තටනන් වරදක් නෑ හෑබෑයි වන්ච කරල ගන්න එක තම වෑරෑද්ද
ලොකු තෙනින් වෑරෑද්දක් වෙනව කියල අනික් අයත් එ වෑරෙද්දම කරන්ඩ ඔන නෑනෙ

Indranama said...

අපිටත් ඔහොම පොරක් සෙට් උනා එරත්න පාරෙ. අපරාදෙ කියන්න බෑ මෑන්ස්ට හොඳට කතා කරන්න නං පුලුවන්. ටෝක දෙනවා අපි කරකැවිලා යන්න... :P

deenwin said...

අප්පො ඔව් වෙනම කතා කරන්ඩනන් පුරුදු වෙලා තියනව

Anonymous said...

ලඟදිම සිරිපාදේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මේවත් දැනගෙන යන එක හොඳයි.

deenwin said...

ඔව්ව් අහුවෙන්ඩ එපා

Post a Comment